නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස

33

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019/2020 වසර සඳහා නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඊයේ (20 දා) පැවැති එම නිලවරණයෙන් තේරී පත්විය.

සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා තේරී පත්ව ඇත.

සභාපති ධුරය සඳහා තරග කළ ඉන්දතිස්ස මහතා ඡන්ද 4702 ක් ලබා ගත් අතර, ඒ මහතා සමඟ තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ මහතා ඡන්ද 1346 ක් ලබා ගෙන තිබිණි.

 ලේකම් ධුරය සඳහා නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සමඟ නීතිඥ සමන් වැලිඅංග මහතා තරඟ කළ අතර එහිදී කෞෂල්‍ය මහතා ඡන්ද 5061 ක් ලබා ගත් අතර වැලිඅංග මහතාට ඡන්ද 898 ක් හිමිව තිබිණි.

 නීතිඥ සංගම් නිලවරණය ඊයේ (20 දා) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා කොළඹ ඇතුළුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 83 කදී පැවති අතර, ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා කටයුතු කළේය. කොළඹින් පිට පැවැති ඡන්ද විමසීම්වලදී ඒවායේ තේරීම් භාර නිලධාරීන් ලෙස එම අධිකරණවල දිසා විනිසුරුවරුන් කටයුතු කළේය.

Comments