නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර චමින්ද වාස්ට

14

ශ‍්‍රී ලංකා නැගී එන කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඉදිරි දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා මෙම පත් කිරීම සිදුකළ බවයි.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී – ටෙන් ලීග් කි‍්‍රකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා නැගී එන කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පසුගියදා පියවර ගත්තා.

Comments