නාමල්,ලිමිණි යුග දිවියේ විශේෂ අවස්ථා

8

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද විවාහ දිවියට පිවිසුණි.

ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ සමඟයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි වීරසිංහ මෙනවියගේ විවාහ ගිවිස ගැනීම සිදුකෙරුණේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදීයි. 

මනාලයාගේ පාර්ශවය වෙනුවෙන් විවාහයට අත්සන් තැබුවේ, ප්‍රවීණ යෝගා උපදේශකවරයෙකු වන නන්ද සිරිවර්ධන මහතා විසින්. 

මනාලියගේ පාර්ශවය වෙනුවෙන්  ලිමිණිගේ පියා වන තිලක් වීරසිංහ මහතා විවාහට අත්සන් තැබුවේය.

ආගමික වතාවත්වලින් අනතුරුව පෝරුවේ චාරිත්‍ර සිදුකෙරුණේ 10.45 ට යෙදුණු සුබ මොහොතින්.

නාමල් – ලිමිණි විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ ඥාතීන් පමණක් සහභාගිවීම විශේෂත්වයක්. 


Comments