දෝනි සිනමාවට එයිද?

3

ඉන්දියාවෙන් බිහිවු සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින මහේන්ද්‍ර සිං මේ වනවිට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් සිටියි. එංගලන්තයේ පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියට ක්‍රීඩා කළ දෝනි ඉන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තිරණය කර සිටින බවට තොරතුරු වාර්තා විය.

පසුගියදා එක්තරා සිනමා වෙබ් අඩවියක් පවසා තිබුණේ මහේන්ද්‍ර සිං දෝනි නිෂ්පාදකවරයෙකු ලෙස බොලිවුඩ් සිනමා කාර්මාන්තයට එක්වීමට සුදානමින් සිටින බවය. මේ වනවිට දෝනි චිත්‍රපට කිහිපයක් සමගින් සිය නිෂ්පාදන කටයුතු සඳහා එළැඹිමට සූදානමින් සිටින බවට මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

Comments