දේශපාලන ලොව කැළඹුණු ගොං කතා 3

20

උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ගොං කතා තුනක් කියා තිබේ. අවස්ථා දෙකකදී කළ මේ කතන්දර ගොං කතා 1, ගොං කතා 2 සහ ගොං කතා 3 යනුවෙන් ශ්‍රේණි ගත කළ හැකිය.

ඒ මෙසේය;

1 වැනි ගොං කතාව – පසුගිය දිනවල උතුර හෝදාගෙන ගිය ගංවතුරේදී විපතට පත් දෙමළ ජනතාවට යුද හමුදාව සහන සලසන ලද්දේ යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට බව.

2 වැනි ගොං කතාව – බලහත්කාරයෙන් උතුරේ රැුඳී සිටීමට යුද හමුදාවට දැඩි උවමනාවක් ඇති නිසා එයට පරිසරය සකස් කර ගැනීමට ඔවුන් ගංවතුර අනාථයන්ට උදව් කළ බව.

3 වැනි ගොං කතාව – ගංවතුර අනාථයන් බැලීමට තමා නොගිය බවට ඇති කතාව පදනම් විරහිත බව තමන් එහි නොගියාට විපතට පත් වූ අයට උදව් කරන පිළිවෙළක් ගැන කල්පනා කරමින් පසුවූ බව.

ගොන්නු කතා නොකරති. එබැවින් පූර්වාදර්ශ නැති නිසා ගොනුන් ලෙස කතා කිරීමට මිනිසුන්ට බැරිය. ගොං කතාවක් යනු සිංහල භාෂාවේ එන යෙදුමකි. ගොනෙක් කතා කරන්නට පටන් ගතහොත් කුමක් කියනු ඇතිද යන කාර්යය උපකල්පනය කර මේ යෙදුම සකස් කළා විය හැකිය. මතු යම් දවසක ගොනෙක් කතා කරත් නම් ඌ මුලින්ම කියනු ඇත්තේ තණකොළවල රස ගුණ ගැනය. දෙවනුව එළදෙනුන්ගේ ලාලිත්‍යය ගැනය. තෙවනුව තම මස් කන මනුෂ්‍යයා මොන තරම් කාලකණ්ණි තිරිසනකු ද යන කාරණය ය. මේ කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ විග්නේෂ්වරන් කියා තිබෙන කතා තුන කිසි සේත්ම ගොං කතා නොවන බවය. ඒවා, ඇඟ බේරා ගැනීම තම පරම අරමුණ කරගත් කපටි දේශපාලනඥයකු සිය අධෝ මුඛයෙන් කියන කතා බවය. මේ අනුව විග්නේෂ්වරන් ගොං කතා කී බවට කළ සටහන ඉල්ලා අස්කර ගනු ලැබේ. එසේ කියා ඒ කතා නොසළකා සිටිය යුතුද?

උතුරේ ගංවතුරට මැදිවී සිටි දෙමළ ජනතාව යුද හමුදාව මගින් බේරා ගන්නා ලද්දේ යුද අපරාධ චෝදනාවලින් බේරීමටද? එය එසේ නම් කිසිදු ගංවතුරකින් කාටවත් හානියක් නැත. මන්ද ඒ සියලූ ගංවතුරට පැන අනාතයන් බේරා ගැනිීමට තරම් ප‍්‍රමාණවත් යුද අපරාධකාරයන් ලක්‍ෂ ගණනක් මේ මොහොතේදීත් ලොව පුරා සිටිති. පළවැනි ලෝක යුද්ධයේදීත් ලොව පුරා සිටියහ; වියට්නාම් යුද්ධයේදීත් සිටියහ; තලේබාන් සංවිධානයේ සියයට හැත්තෑවක් යුද අපරාධකාරයෝය; අයි එස්. අයි. එස්. සංවිධානයේ සියයට සියයක්ම යුද අපරාධකාරයෝය. ඔවුන් හා සමාන විය හැක්කේ දෙමළ කොටින්ට පමණි. මෙකී දෙමළ යුද අපරාධකාර කොටි දහස් ගණනක් අදටත් පිටරටවල වෙසෙති. ගංවතුරට පැන යුද අපරාධ හෝදාගෙන ගොඩ එන්නට හැකිනම් සෑම ගංවතුරකදීම ගංවතුර අනාථයන්ට වඩා දැකගැනීමට හැකි වන්නේ දියේ පාවෙන යුද අපරාධකාරයන්ය.

බලහත්කාරයෙන් උතුරේ රැුඳී සිටීම සඳහා යුද හමුදාව විසින් ගංවතුර අනාථයන් බේරා ගන්නා ලද්දේය යන කතාව ගෙන බලමු. එය විග්නේශ්වරන්ටම ආවේනික විලාසිතාවේ කතාවකි. අහස සමඟ කුමන්ත‍්‍රණය කර වැසි වස්සවා මේ ගංවතුර සංවිධානය කළේ ශී‍්‍ර ලංකා යුද හමුදාව විය නොහැකිද? ගුවන් හමුදාවට අයත් ගුවන් යානා වැහි වළාකුළු සමඟ කතා බහ කර මේ විපතට අවශ්‍ය පෙලැඹවීම කරන්නට ඇති. විග්නේශ්වරන්ගේ මොළයට කෙළවරක් නැත. 19 වැනි සංශෝධනයට කෙළ හලන සුමන්තිරන්ගේ මොළය පවා එයට දෙවැනිය.

මීළඟට අප අවධානය යොමු කරන්නේ

ගංවතුර අනාථයන් බැලීමට නොගොස් ඔවුන් ගැන කල්පනා කරමින් සිටි විග්නේශ්වරන් ගැනය. මෙය හරිම චූන් කතාවකි. විග්නේෂ්වරන් හරිම චූන් මිනිසෙකි. ඔහුගේ දේශපාලනය ද හරිම චූන් ය. ජාතික විපතකදී කල්පනා කරමින් ගෙදරට වී සිටින දේශපාලනඥයන් ගැන අප දන්නා මුත් එය සාධාරණීකරණය කිරීම සඳහා එළිපිට කතා කළ පළමුවැනි දේශපාලනඥයා විග්නේශ්වරන් විය යුතුය. විග්නේෂ්වරන් සාධකය දේශපාලනයට හඳුන්වා දෙන ලද්දේ දෙමළ සන්ධානය විසිනි. මේ වනවිට දෙමළ සන්ධානය කැබැලිවෙමින් පවතින අතර එය කරන්නේ විග්නේෂ්වරන්ය. මෙය ද්‍රවිඩ සන්ධානය කළ හොඳ පස්සෙන් ඒමක් නොව කළ විනාශය පස්සෙන් ඒමකි.

Comments