දේශපාලන අවුලෙන් අහිමිවෙන්න යන ඩොලර් මිලියන 700

3

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකගවී සිටි මූල්‍ය ප්‍රතිපාදනයක් සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිඛෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමත් සමග රට තුළ දැනට පවතින දේශපාලන අර්බුදය සැලකිල්ලට ගෙනයි.

අමෙරිකානු සහශ්‍රක අභියෝගතා සංස්ථාව නම් ආයතනය යටතේ වසර 5 ක් තුළදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාදීමටයි අමෙරිකාව එකගතාවය පළ කර තිබුණේ.

අදාළ මුදල යොදාගනිමින් මෙරට ප්‍රවාහන සහ ඉඩම් ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නියමිතව තිබුණා.

ඊට අදාළ මූලික සාකච්ඡා පසුගිය සැප්තැම්බරයේදී ආරම්භ වූ අතර සහශ්‍රක අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී ජොනතන් නාෂ් මහතාද ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ සඳහායි.

අදාළ ඩොලර් මිලියන 700 ක මුදල ලබාදීමේ අවසාන අධියරේ සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීයි ශ්‍රී ලංකාව තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ.

ජනාධිපතිවරයා මෑතකාලීනව ගත් දේශපාලන තීන්දු ව්‍යවස්ථා විරෝධී බැවින් ණය මුදලක් නොව ආධාරයක් ලෙස ලබාදීමට සැලසුම් කල මෙම ප්‍රතිපාදනය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.

Comments