දෙවන විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඇරඹේ

4

දෙවැනි විශේෂ මහාධිකරණයේ නඩු කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ ආර්. ගුරුසිංහ, ශශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍යවරයෙකුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගැණුනු අතර අධිකරණයේ පෙනී සිටි මෙම වෛද්‍යවරයාට අධි චෝදනා බාර දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.

2016 ජූනි මස 01 වනදා සිට අගෝස්තු මස 31 වනදා දක්වා කාලය තුල රසායනාගාර වාර්තා පිළිබඳ ටෙන්ඩරය ලබා දීමට කුලියාපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයකින් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වනවා.

Comments