දියවැඩියාව පාලනය කරගන්නේ මෙහෙමයි

3

වර්තමානයේ ශ්‍රී ලාංකීය සමාජය “දියවැඩියාව” නමැති බෝ නොවන රෝගී තත්ත්වයන් වෙලාගෙන සිටින බව නොරහසකි. සමාජය කෙතරම් දැනුqවත් කළත්, පෙර දියවැඩියාව හඳුනා ගැනීම් සිදුකළත් දිනෙන් දිනම අලුතෙන් හඳුනා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් පෙනී යයි. මේ සඳහා බලපා ඇත්තේ කාර්ය බහුල සමාජය සමග අත්වැල් බැඳ ගනිමින් ඉදිරියට ඇදෙන නවීන තාක්‍ෂණික උපකරණ විලාසිතා සමග මුදල් පසුපස හඹා යන මානසික ආතතියෙන් මිරිකුණ සමාජයක්‌ සමග පෙරමුණ ගෙන ඇති ක්‍ෂණික ආහාර පාන ආදියයි.

මේ අතර කාන්තාවන්ද, ත්‍රිරෝද රථ රියෑදුරන්ද දියවැඩියාවට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළ යන බවක්‌ පෙන්නුම් කරයි. මහා සංඝරත්නයද දියවැඩියා රෝග තත්ත්වයෙන් සහ සංකූල වලින් මුදා ගැනීම අපගේ වගකීමකි.

දායකයන් දානය පිළියෙල කිරීමේදී පෝෂණයට මුල්තැන දෙමින් පෝෂ්‍යදායී ආහාර වලින් යුත් දාන වේලක්‌ පිළිගැන්වීමට අවධානය යොමු කළ යුතුය.

දියවැඩියාව පාලනය කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන තමාගේ ජිවන රටාව ඊට සරිලන පරිදි වෙනස්‌ කරගත යුතුය.

දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම තුළින් සංකූලතා රැසක්‌ ඇතිවේ. ප්‍රධාන වශයෙන් හෘදයා බාධ වකුගඩු අකර්මණ්‍යතාවය, ඇස්‌ අන්ධ වීම දක්‌වා බරපතළ තත්ත්වයට පත්වේ. එවැනි ඉරණමකට පත්වූ විට ශාරීරික මෙන්ම මානසිකවද බිඳ වැටීමකට පත්වන බැවින් ඉන් මිදෙන්නට කල් තියා රෝගය පාලන කිරීම වැදගත්ය. දියවැඩියාව ඇති අයෙක්‌ තමා කුමන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයෙක්‌ද යන්න දැන ගැනීම (ඔහචැ ෂ ඔහචැ ෂෂ) වැදගත්ය. එසේම තමා දියවැඩියාවේ කුමන සංකූලතා දැනටමත් හඳුනාගෙන ඇත්ද යන වග දැන ගැනීම සහ තවදුරටත් සංකූලතා වර්ධනය වීමෙන් හා විය හැකි හානි මැඩ පවත්වාගෙන ආරක්‍ෂා වීමට කුමක්‌ කළ යුතුද සඳහා නිසි උපදෙස්‌ ලබා ගත යුතුය.

දියවැඩියාවේදී තමාට ඇති සංකූලතා මත සුදුසු ආහාර පාන ලබා ගැනීමට නිවැරදි ලෙස ව්‍යායාම කිරීම, නිවැරදිව ඖෂධ ලබා ගැනීම, ඉන්සියුලින් එන්නත ලබා ගන්නා අයෙක්‌ නම් එය නිවැරදිවම ලබා ගන්නා ආකාරය, රුධිර ගත සීනි මට්‌ටම අඩුවීමකදී කුමක්‌ කළ යුතුද යන්නත් දැනුවත් වීම ඉතාම වැදගත්ය. ඒ සඳහා නිරන්තරයෙන් දැනුම අලුත් කර ගැනීම වැදගත්ය.

දියවැඩියාව ඇති පුද්ගලයෙක්‌ හදිසි අනතුරකදී හෝ තුවාලයක්‌ ඇතිවූ විට හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමකදී තමා දියවැඩියාවට ප්‍රතිකාර, ලබා ගන්නා බව පැවැසිය යුතුයි. එසේම ශල්‍යකර්මයක්‌ සිදුකරන අවස්‌ථාවකදී දියෑවඩියා තත්ත්වය හොඳින් පාලනය වී තිබිය යුතුයි. තුවාලයක්‌ සිදුවී ඇති විටකත් ශල්‍යකර්මයකින් පසුවත් රුධිරගත සීනි මට්‌ටම නිතර පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුය. කුඩා හෝ තුවාලයකදී නිසි වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි. ඇතැම් අවස්‌ථාවලදී එම තුවාල සුවවීමට තාවකාලිකව ඉන්සියුලින් ප්‍රතිකාරය (එන්නත) ලබාදීමට සිදුවිය හැකියි. රුධිරගත සීනි මට්‌ටම වැඩිවී ඇති අවස්‌ථාවක ඉන්සියුලින් ප්‍රතිකාරය ලබා ගැනීමට වෛද්‍යවරයකු නියම කළ විට ඒ සඳහා මැලි නොවිය යුතුය. ඒ සඳහා නිසි පුහුණුවක්‌ ලබාගෙන එන්නත් ලබා ගැනීම තුළින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

දියවැඩියා පුද්ගලයෙක්‌ වසරකට වරක්‌වත් තමාගේ ඇස්‌, වකුගඩු, පාද ඇතුළු ඉන්ද්‍රියයන් සංකූලතාවයන්ට ගොදුරුවී ඇතිදැයි පරීක්‍ෂා කර ගැනීම වැදගත්ය. ඔබ දියවැඩියා රෝගියෙක්‌ නම් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගත්තාට පමණක්‌ සෑහීමකට පත්නොවී තමා ගැන පසු විපරමක්‌ කිරීමෙන් සහ නිවැරදි අවබෝධයකින් සිටීම තුළින් සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවීමට හැකියාව උදාවේ.

Comments