දිමුත්ගෙන් තවත් අර්ධ ශතකයක්.

0

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ – පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පළමු ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ මීට සුළු වේලාවකට පෙර කඩුලු 6 ක් දැවී ලකුණු 144ක් ලබා සිටියා. 

නායක දිමුත් කරුණාරත්න ලකුණු 65ක් රැස් කර ගත් අතර, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියා. 

සිය 63 වන ටෙස්ට් තරඟයට සහභාගි වන නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෙ‍්‍රන්ට් බෝල්ට්, ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ සිය ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 250 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා

Comments