දිමුත්,ඇන්ජලෝ,දික්වැල්ල,අකිල හා ලසිත්ට අයි.සී.සීයෙන් උසස්වීම්.

4

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ටෙස්ට් ක්‍රීඩක වර්ගීකරණයන්ට අනුව පිතිකරණ ලැයිස්තුවේ උසස්වීම් ලබන්නට නායක දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සමත් වෙද්දී පන්දු යවන්නන්ගේ නාම ලේඛනයේ පියවර කිහිපයක් ඉදිරියට ඒමට අකිල ධනංජය හා ලසිත් ඇඹුල්දෙණියට හැකිව තිබේ.

ඒ අනුව දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත ලකුණු 716 ලබා ගනිමින් 8 වැනි ස්ථානයටත්, ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රේණිගත ලකුණු 674ක් ලබා ගනිමින් 14 වැනි ස්ථානයටත්, නිරෝෂන් දික්වැල්ල ශ්‍රේණිගත ලකුණු 582ක් ලබා ගනිමින් 33 වැනි ස්ථානයටත්, අකිල ධනංජය ශ්‍රේණිගත ලකුණු 479ක් ලබා ගනිමින් 36 වැනි ස්ථානයටත්, ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රේණිගත ලකුණු 247ක් ලබා ගනිමින් 69 වැනි ස්ථානයට පැමිණ ඇත.

Comments