දින 3 ක් නොමිලේ සීගිරිය නැරඹීමට අවස්ථාවක්

12

වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව දේශීය සංචාරකයින් සඳහා දින 3 ක් ගාස්තු අය කිරීමකින් තොරව සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

සීගිරි ව්‍යාපෘති කළමනාකරු විශ‍්‍රාමික මේජර් අනුර නිශාන්ත කියා සිටියේ අනිද්දා සිට මේ මස 20 වනදා දක්වා මෙම අවස්ථාව ලබාදී ඇති බවයි.

ඒ අනුව සීගිරි කැණීම්වලින් හමුවූ පුරාවස්තු තැන්පත් කර ඇති ප‍්‍රදර්ශනාගාරය නැරඹීමටද නොමිලේ අවස්ථාව හිමිවනවා.

එමෙන්ම විදේශ සංචාරකයින්ටද අදාළ ප‍්‍රදර්ශනාගාරය නොමිලේ නැරඹිය හැකියි.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන දන්සල් ලියාපදිංචිය සැලකිය යුතු මට්ටමකින් පහල බැස ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

එහි ලේකම් මහේන්ද්‍ර ඔබේසේකර කියා සිටියේ පසුගිය වසරේ දිවයින පුරා දන්සැල් ස්ථාන 6,000 ක් පමණ ලියාපදිංචි කර තිබූ නමුත් මෙවර ලියාපදිංචි වී ඇත්තේ දන්සැල් 92 ක් පමණක් බවයි.

මේ අතර සංචාරකයින් සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ සීගිරිය පොලීසියද විශේෂ ආරක්ෂාවක් සළසා තිබෙනවා.

Comments