දින තුනක නිල සංචාරයක් සදහා චීන රාජ්‍ය දූත පිරිසක් ලංකාවට

4

මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික (Chen Min’er ) චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත  එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17)  සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි ඇත.

මෙම පිරිස  චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

මොවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ  ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන්  තොටුපළ වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 19 දින ආපසු චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

Comments