දින කිහිපයකට පෙර මියගි‍ය මිත්තණියගේ සිරුර ගොඩගැනේ – සැක පිට නිවැසියන් අත්අඩංගුවට

5

හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල පිටවින් ඉහල කොටසේ පදිංචිව සිට නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි වල්ලිඅම්මා රගෙයි නැමති එක් දරු මවගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසට පිටුපස වගා ලිදක දමා තිබියදි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා ඉදිරියේ අද (13) ගොඩ ගනු ලැබුවා.

ඉකුත් 9 දින එම එක් දරු මව නිවසේදි මිය ගිය බව පවසමින් ඇගේ පුතා විසින් මවගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසා සිරුර කැළයකට ගොස් දමන බව පවසමින් ඔහු  විසින් සිරුර රැගෙන ගිය බවට ලේලිය විසින් වටවල පොලිසියට ප්‍රකාශයක් ලබා දි තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මේ පිලිබදව පරික්ෂණ පැවැත් වු වටවල පොලිසියේ නිලධාරින් ඊයේ (12) දින මිය ගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමේදි බාල මුණුබුරා විසින් පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම මිත්තණියට පියා මව සහ අයියා විසින් පොල්ලකින් පහර දි පුටුවක ගැට ගැසු බවත්, ඉන් අනතුරුව අච්චිගේ දැස් වලින් සහ මුහුණෙන් ලේ ගැලිමෙන් අනතුරුව ආච්චිව උරයක දමාගෙන  ආච්චිව පියා රැගෙන ගිය බවයි.

බාල මුණුබුරාගේ ප්‍රකාශය අනුව වටවල පොලිසිය විසින්  ලේලිව මුලින්ම  සැකපිට අත්අඩංගුවට ගෙන ඇය සමග කොළඹ ප්‍රදේශයට ගොස් සැගව සිටි සැමියා සහ වැඩිමහල් පුතාව  ඊයේ දහවල් (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරිමේදි තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ලිදකට දමා වසා දැමු  බව පවසා ඇත.

ඉන් අනතුරුව සැකකරුවන් එම ස්ථානයට රැගෙන  විත් හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය කලන ලොකුහේවගේ මහතා  ඉදිරියේ සිරුර  ගොඩ ගෙන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරිමට පොලිසිය කටයුතු කර ඇත.

මෙය ඝානයක්ද නැතහොත් ස්භාවික මරණයක්ද යන්න පශ්චාත්  මරණ පරික්ෂණයෙන් පසු  තහවුරු කර  ගත හැකි බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසුවේ.

මවගේ සිරුර රෙදි කැබිලි වල ඔතා උරයක බහා වගා ලිදට දමා සිරුරට  උඩින් සිරුර ගොඩ නොයෙන ලෙස විශාල ගල් කිහිපයක්ද සැකකරුවන් විසින් වගා ලිද මත දමා තිබු බවයි වටවල පොලිසිය පැවසුව.

සිරුර ගොඩ ගැනිමෙන් අනතුරුව සිරුර ගොඩගන්නා අවස්තාව නැරඹිමට පැමිණි එම වතුයායේ වතු කම්කරුවන් විසින් පොලිස් භාරයේ සිටි මිය ගිය කාන්තාවගේ සැකකරා පුතාට සහ මුණුබුරාට පොලු මුගුරුවලින් පහර දිමටද උත්සහ කලා.

එම අවස්තාවේ පොලිස් නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් එම ස්ථානයෙන් පොලිසිය වෙත රැගෙන යනු ලැබුවා.

Comments