තුන්වන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

1

නවසීලන්ත කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් 20 යි 20 තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

ල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් සහ ලහිරු මදුෂංක ලකුණු 20ක් ලබාගත්තා.

මිචෙල් සැන්ට්නර් සහ ටොඩ් ඇස්ට්ලේ කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 126ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට පන්දුවාර 16ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 88ක් පමණයි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 6කට කඩුලු 5ක් බිඳහෙලුවා.

අකිල ධනංජය කඩුලු දෙකයි.

ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

මෙම තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්වුනා.

ඒ එකම පන්දු වාරයක පිට පිටම යැවූ පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමින්.

එමෙන්ම ලසිත් මාලිංග මෙම තරගයේදී සිය දෙවන 20යි 20 කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

මාලිංග මිට පෙර 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එක්දින තරග බිමේ එවන් දස්කමක් කල පළමු ක්‍රීඩකයා බවටද පත්වුනා.

Comments