තරග සංචාරය අතරතුරදී කෝලි සහ අනුෂ්කා කොදෙව් දූපත් වල සිරි නරඹයි.

1

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකට එක්ව සිටියි. ඉන්දීය නායක විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මාද ඊට එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. පසුගියදා අනුෂ්කා හා කෝලි බාබඩෝස් මුහුදු වෙරළේ ගත කරමින් සිටින ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම් සඳහා එක් කොට තිබුණ බව සඳහන් වේ.

31 වැනි වියෙහි පසුවන අනුෂ්කා මෙම අවස්ථාවේදී බිකිණියකින් සැරසි සිට ඇති අතර, ඔවුන් එම ඡායාරූපද සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම්වල පළ කොට ඇත. ලැබෙන තොරතුරුවලට අනුෂ්කාගේ මෙම බිකිණි ඡායාරූපයට ඉහළ ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවය.

Comments