ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සද්ධන්ත සංවර්ධනයක් ඇති කරනවා – සජිත්

1

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සද්ධන්ත සංවර්ධනයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්‍ ප්‍රේමදාස මහතා පවසයි. 

මාතලේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් තවත් ජනරැලියක් අද උදෑසන ලග්ගල නව නගරයේදී පැවැත්වුණි.

පුරන් වී ඇති කුඹුරු පද්ධතිය ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා වැව් උදාව නමින් වන වැඩසටහනක් ආරම්භ කරන බවත් එමඟින් රට පුරා ඇති වැව් පද්ධතිය වසර 2ක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා එම අවස්ථාවේ දී පැවසීය.

එසේම විදේශ සේවාවේ නිරත වී සිටින කාන්තාවන්ට හිංසනයෙන් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය වෙනුවෙන් එම රටවල රාජ්‍ය නායකයින් සමඟ ගිවිසුම්වලට එළඹෙන බවත් එම කාන්තාවන් රැක ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය

Comments