ජනපති අපේක්ෂයන්ගේ ලයිස්තුව මුද්‍රණාලයට

3

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයන්ගේ අකාරාදි පිලිවෙලට සකස් කරන ලද නාම ලේඛණය රජයේ මුද්‍රණාලය වෙත යවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ මෙම නාම ලේඛණය මුද්‍රණාලය වෙත යැවූ බවයි.

නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා භාර ගැනීම පෙරේදා සිදු කෙරුණා.

එහිදී අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා භාර දුන් අතර එම සියලූ නාම යෝජනා පිලිගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

Comments