ජනපතිවරණයේ මුළු වියදම මෙන්න

3

ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටිහත්සිය පනහකට  අධික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වැනිදා සවස 5.00න් පසු සිදුකරන බවත්, එම නිසා තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාසයක ප්‍රතිඵලයක් නිකුත් කිරීමට හැකිවන බවත් එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (13දා) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් බවත්, මේ නිසා නිහඬ කාලය තුළ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට ආගමික වතාවත් හෝ සිදුකළ නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.

ග්‍රාමීය වශයෙන් හා වීදි වශයෙන් තිබෙන මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගලවා ඉවත් කළ යුතු බවත්, එහෙත් මැතිවරණ කොට්ඨාස මට්ටමින් තිබෙන කාර්යාල පවත්වාගෙන යා හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියේය.

අපේක්‍ෂකයන් තිස්පස්දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වී සිටියත් අපේක්‍ෂකයන් දහඅට දෙනෙකු අපේක්‍ෂකයන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments