ගෝඨාගේ සහයට ශ්‍රීලනි පක්ෂයත් එක් වෙයි

2

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන  මාධ්‍ය හමුවට එක්වෙමින් නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල්  සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි කිහිපයකට යටත්ව ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කිරීමට තීරණය කළ බවයි නිමල්  සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.

එජාපයට සහාය දීම, ගෝඨාභයට සහය දැක්වීම හෝ නිහඬව සිටිම යන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීමට තිබු බවත් කෙසේ නමුත් පාක්ෂිකයින්ගේ අනන්‍යතාවය විකුණා දමා කටයුතු කළ නොහැකි බැවින් ජනතාවගේ පාර්ශවයෙන් සිතා ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමට කටයුතු කර යුතුව තිබු බවත් එහිදී අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් අවසනයේ දී ගෝඨාභය මහතාට සහය දැක්වීමට පක්ෂය එකඟතාවය පල කළ බව ඒ මහතා පැවසීය

Comments