ගොඩක් වෙලාවට කළු සහ රෝස පාට තමයි මම අඳින්නේ – චමත්කා

5

ෆැෂන් ගැන මොකද හිතන්නේ ?

මම කාලෙන් කාලෙට ෆැෂන් කරන කෙනෙක්. හැමවෙලේම වෙනස් විදියට ෆැෂන් කරන කෙනෙක්.

ඒ කියන්නේ ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්ද?

ඔව්. අනිවාර්යයෙන් කාලෙන් කාලෙට වෙනස් වීමක් වෙනවා.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?

නැහැ. මම මගේ ඩිසයිනර්ස්ලාගෙන් කතා කරලා අහනවා මම කොහොමද internet එකකට යද්දි අඳින්න හොඳ” event එකකට යද්දී මම කොහොමද අඳින්න ඕනෑ කියලා. මම සපත්තු දෙකේ ඉදලාම දාන්නේ මගේ ෆැෂන් ඩිසයිනර්ලා තෝරලා දෙන මට ගැලපෙන ඒවා. ඒ නිසා කවුරුවත් අනුකරණය කරන්න ඕනෑ නැහැ.

පුරුද්දක් විදියට සැලෝන් යනවද?

ඔව්. මම සාමාන්‍යයෙන් සැලෝන් යනවා. නැත්තම් ෆුල් මේකප් එකක් ගෙදරදී දාගෙන යන අවස්ථාත් තියෙනවා.

කැමැතිම Hair Style එක කිව්වොත් ?

මම කැමැති නැචුරල් කොණ්ඩයට. හැබැයි මම කලර් කරනවා.

hair colours කරද්දි කැමැති කොහොමද?

ගොඩක් අය දන්නේ රතු කොණ්ඩෙන්. ඒත් මම දැන් කළු කොණ්ඩෙට ඇවිල්ලා තියෙනවා. මොකද මම වැඩිම ෆැෂන් කරන කාලේ තමයි රතු කොණ්ඩය තියාගෙන හිටියේ. දැන් මම මගේ ෆැමිලි එකට බර දීලා තියෙන නිසා කළු කොණ්ඩයට තමා කැමැති.

ඔරලෝසු බදින්නේ ෆැෂන් කරන්නද? වෙලාව බලන්නද?

මගේ අම්මා දුන්න ඔරලෝසුවක් තමයි මම බදින්නේ. ඇත්තටම මම ඒක බදින්නේ අම්මාට ආදරේ නිසා. එතැනින් එහා මම ලොකු ආසාවක් තියෙන කෙනෙක් නෙවෙයි.

පුරුද්දක් විදියට ඔරලෝසු පළදිනවාද?

ඔව්. මම මගේ අම්මා දුන්න ඔරලෝසුව බදිනවා.

ඔරලෝසු විතරක් නෙමෙයි hand bag එකත් වැදගත් නේද?

නැහැ. මම හැම ගමනකදීම hand bag එක පාවිච්චි කරන්නේ නැහැ. පර්ස් එකක් විතරයි පාවිච්චි කරන්නේ.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද internet එකෙන්ද?

මම ගොඩක්ම internet එකෙන් ෂොපින් කරන්නේ. බොහොම කලාතුරකින් තමයි ලංකාවේ ඇදුමක් කඩයකට ගිහින් හරි ගන්නවානම් ගන්නේ. නැත්තම් මම internet එකෙන් බලලා මහන ඒවා තමයි ගොඩක් තියෙන්්නේ.

internet එකෙන් ෂොපින් කරන්න තියෙන විශේෂත්වය මොකක්ද?

ඇත්තෙන්ම මම කඩයකින් ඇදුමක් ගත්තොත් ඒ වගේ ඇදුමක් තවත් කෙනෙක් අදින්න පුළුවන්. ඒ නිසා මම එ්කට කැමැති නෑ. ඒකයි internet එකෙන් ෂොපින් කරන්නේ.

wedding එකකට යද්දී අදින්න කැමැති ඇදුමක් තියෙනවාද?

මගේ පවුලේ අයත් එක්ක යනවානම් මම ගොඩක්ම අඳින්නේ සාරි. එහෙම නැත්තම් ස්ථානය අනුව ගවුමක් වෙන්නත් පුළුවන් සාරි එකක් වෙන්නත් පුළුවන්. ඒත් මම කැමැතිම සාරි අඳින්න.

සාමාන්‍ය ගමනකදී වැඩියෙන්ම අඳින්න කැමැති මොන වගේ ඇදුමක්ද?

මම සාමාන්‍ය ගමනකදී අඳින්න කැමැති short එකයි t-shirt එකයි තමයි. shoes දාලා කැප් එක දාලා පහසුවෙන් යන්න තමයි කැමැති.

ෆැෂන් වලදී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?

ගොඩක් වෙලාවට කළු සහ රෝස පාට තමයි මම අඳින්නේ. මැච් කරනවානම් කළු එක්ක සුදු හරි රතු කොණ්ඩෙ තියෙන කාලේ රතු ඇන්දා. ඇත්තටම කළු ඇදුමක් එක්ක ඕනෑම පාටක් මැච් කරනවා. රෝස පාට ඇන්දොත් රෝස පාට විතරක්ම අදිනවා.

ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?

ඇත්තටම මම ජුවලරිස් දාන්න ගොඩක් කැමැති නැහැ. මම function එකකට වගේ යනවනම් කරාඹු දෙකක් මාලයක් වගේ තමයි දාන්නේ. ගොඩක් වෙලාවට මාලය තියෙනවනම් කරාඹු නැහැ. කරාඹු තියෙනවානම් මාලය නැහැ. මම සාමාන්‍යයෙන් එළියට යනවානම් කිසිම ආභරණයක් නොදා යන අවස්ථාත් තියෙනවා.

ෆැෂන් කරද්දී ශරීර වර්ණය කෙරෙහි සැළකිලිමත් වෙන්න ඕනෑද?

ඔව්” අනිවාර්්‍යයෙන්ම.

ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?

නැහැ. ඇත්තටම මට ගැලපෙන හොදම දේ තමයි මම තෝරාගන්නේ. ඒ නිසා අමාරුවේ වැටිලා නැහැ.

shoes වලටද කැමැති sandeal වලටද කැමති?

shoes වලට කැමැති. මම අම්මා එවන shoes තමයි දාන්නේ.

යන්න කැමැති salon එකක් තියෙනවාද?

එහෙම විශේෂයක් නෑ. එකක් කියන්න බැහැ.

ඇත්තටම ෆැෂන් කරද්දි Gym යන්නම ඕනෑද?

ඔව් මම හිතන්නේ. මෙහෙමයි අපේ වෘත්තියත් එක්ක figer එක main tain කරන්න ඕනෑ. මම dancing කරන කෙනෙක් නිසා මට Gym යන්න ඕනෑ නැහැ. මට shoot එකක් ආවාහම සති දෙකකට කළින් වගේ Gym එකට යනවා.

කෑම පාලනයද හොද

Gym යන එකද හොද?

කෑම පාලනය වැදගත්.

ෆැෂන් කරද්දී night club යන්නම ඕනෑද?

නැහැ. එහෙම විශේෂයක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ පෞද්ගලිකත්වය මත තමයි. ඒක වෘත්තියකට අදාළ නැහැ.

Comments