ගැබ් ගෙල පිළිකාවට සෘෂි නාඩි ප්‍රතිකාර

23

අප කා තුළත් අසීමිත බියක්‌ ඇතිකරන රෝගයක්‌ ලෙස පිළිකාව හැඳින්විය හැකිය. එසේ වී ඇත්තේ මෙම රෝගය නිසා ඉතා ඉක්‌මනින් මරණයට පත්විය හැකි යෑයි යන මතය පැවතීමය. නමුත් පිළිකා අතුරින් සුව කිරීමට අපහසු මට්‌ටමේ පවතින්නේ පිළිකා රෝග කිහිපයක්‌ පමණක්‌ බව වෛද්‍යවරු හඳුනාගෙන ඇත. ඉතිරි වර්ග සම්පූර්ණයෙන්ම සුව කිරීමටත් නිසි ප්‍රතිකාර මගින් පාලනය කිරීමටත් හැකිය.

 ගැබ් ගෙල පිළිකාව මාරාන්තික නොවන රෝගයකි. නමුත් ඒ සඳහා නිසි ප්‍රතිකාර සිදුනොකළ හොත් මාරාන්තික තත්ත්වයට පත්විය හැකිය.

 වෛද්‍යතුමනි, ගැබ් ගෙල පිළිකාව සම්බන්ධව Rෂි නාඩි වෛද්‍ය ක්‍රමයේ හඳුන්වාදී ඇත්තේ කෙසේද?

 “ගැබ් ගෙල භාගා දාරකා ස්‌ත්‍රි පිළිකාය රෝග පීඩා කදර්හි කදර්හි” ලෙසින් පවසා තිබෙනවා. ඉන් පවසා ඇත්තේ කාන්තාවන්ගේ ඇතැම් අවස්‌ථාවල පවතින අක්‍රමවත් ජීවන රටාව නිසා ගැබ් ගෙල පිළිකා හටගන්නා බවය.

 බහු ලිංගික සේවනයට යොමු වූ කාන්තාවන් දරුඵල ඇතිවීම ප්‍රමාද කර ගැනීම සඳහා උපත් පාලන කටයුතුවල දීර්ඝ කාලයක්‌ නිරතව සිටින කාන්තාවන් සහ දරුඵල නොමැති වූ කාන්තාවන් යන පිරිස ඉතා හසුවෙන් ගැබ් ගෙල පිළිකාවට ගොදුරු විය හැකි බව Rෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.

 වෛද්‍යතුමනි, මෙම රෝගය හඳුනා ගන්නේ කෙසේද?

 ඉහත සඳහන් කළ කාන්තාවන්ට වයස අවුරුදු 40 පසු වූ විට අසාමාන්‍ය ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වේ නම්, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවේ නම්, යෝනි මාර්ගයෙන් නිතර කහ පැහැති ශ්‍රාවයක්‌ පිටවේ නම් මුත්‍රා ආසාදන නිතර හටගනී නම් එවැනි අවස්‌ථාවන්හිදී වහාම ගැබ් ගෙල පිළිකා සම්බන්ධ පරීක්‍ෂාවකට යොමු විය යුතුය.

 වෛද්‍යතුමනි, මේ සඳහා නාඩි වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රතිකාර මොනවාද?

 නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව සිදුකරන්නේ කාන්තාවගේ යෝනි මාර්ගය ආශ්‍රිතව හටගෙන ඇති මෙම අසාමාන්‍ය පිළිකා සෛල වර්ධනය වීම වළක්‌වාලීම සහ වර්ධනය වී ඇති සෛල විනාශ කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීමයි.

 ගැබ් ගෙල පිළිකා ඇතුළු සියලු පිළිකා වර්ග නසන ආහාරයක්‌ ලෙස මුරුංගා හැඳින්විය හැකියි. එහි කරල්, මල්, දළු, පොතු සියල්ල ආහාර ලෙස සකස්‌ කර ගෙන සතියකට දින හතරක්‌වත් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි.

 ගැබ් ගෙල පිළිකාව ඇතිවූ කාන්තාවන් පවසන අපහසුතා අතර අධික ලෙස දහදිය දැමීම, සමේ තැන් තැන්වල කැසීම සහ පැහැය වෙනස්‌වීම මුත්‍රා කරන විට අධික වේදනාවක්‌ හටගැනීම ප්‍රධාන තැනක්‌ ගන්නවා.

 ඒවාද සමනය කිරීම සඳහා මුරුංගාවලට හැකියාව තිබෙනවා.

 ගැබ් ගෙල පිළිකාවේදී ඇතැම් කාන්තාවන්ට මතුවන යෝනි මාර්ගය ආශ්‍රිත අසීමිත කැසීම සහ වේදනාව පාලනය කර ගැනීම සඳහා ආලේප කළ හැකි බෙහෙත් වර්ග රැසක්‌ තිබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස්‌ මත ලබාගෙන ආලේප කිරීමෙන් මතුව ඇති වේදනාවන් සමනය කරගත හැකියි.

 සෘෂි නාඩි පිළිබද මහාචාර්ය වෛද්‍ය  ජිනසිරි ලියන්වෙල

Comments