කොළඹ නයිට් ක්ලබ් වලට ගිහින් බීලා පාරේ සෙල්ලම් දාන අයියලාට වැඩ වරදියි

1

කොළඹ  නගරයේ රාත‍්‍රී සමාජ ශාලා  ආශ්‍රිත  ප‍්‍රදේශවල හෙට (11)   සිට අඛණ්ඩ රථ වාහන  සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා කොළඹදී  ඊයේ (10) පැවැසීය.
 
රාත‍්‍රී සමාජ ශාලා  ආශ‍්‍රිත ප‍්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති  බීමත්ව රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය  මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
 
පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මේ බව පැවැසිය.
 
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිසිය මගින් සිදුකරන මෙහෙයුම් වැඩිකිරීමටද පොලිසිය පියවර ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසීය.
 
බීමත් රියදුරන් එක්ලක්ෂ පන්දාස් අනු හතරක්  ගිය වසරේදී අත්අඩංගුවට ගත් බව කී අජිත් රෝහණ  මහතා බීමත්ව රිය පැදවු  ප‍්‍රමාණය එමෙන් විසි ගුණයකටත් වඩා වැඩිවිය හැකි බවද සඳහන් කළේය.
 
පොලිස්පති  නියමයෙන්  පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල බස්නාහිර පලාතේ  සිදුකළ මෙහෙයුම් වලින් පමණක් බීමත් රියදුරන් 527ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්  ඉන් 183ක්ම කොළඹ නගරයෙන් පමණක් අත්අඩංගුවට බත් බවත් ඔහු පැවැසිය.

Comments