කේදර් ඛාන් ජීවිතයෙන් සමුගනී

1

හින්දි සිනමා නළුවෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස අතිශය ජනප්‍රිය වූ කේදර් ඛාන් පසුගියදා සිය ජිවිතයෙන් සමුගත්තේය.

කාලයක සිට රෝගාතුරව සිටි ඔහු මෑත කාලයේ කැනඩාවේ පදිංචිව සිටියේය.

මිය යන විට සිය 81 වැනි වියෙහි පසුවු කේදර් ඛාන් සල්මාන්, ෂාරුක්, අමිර් ඇතුළු බොහෝ සුපිරි නළුවන් සමග රංගනයෙන් දායක වී ඇත.

80 හා 90 දශකයේ දුෂ්ඨ නළුවෙකු ලෙස බොහෝ චිත්‍රපට ප්‍රමාණයක දකින්නට ලැබුණ කේදර් ඛාන් ඉන් පසුව සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වුයේ හාස්‍යමය නළුවෙකු ලෙසය.

සිනමාවෙන් සමුගන්නා විට විවිධ අංශ හරහා සම්මාන රැසක් දිනා ගැනීමටද කේදර්ට හැකි වී තිබුණි.

Comments