කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

6

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ උතුරු පළාත්වල සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ මෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 ත්, 55 ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Comments