ක්‍රිකට් ආයතනයේ නිළවරණයට පෙර එහි නිලධාරීන්ගේ ඩබල් ගේම් ගැන හෙළිවෙන හඬපට රැසක් ලීක් වෙයි – වීඩියෝ

736

පසුගිය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පෙර සිදුවූ දුරකථන සංවාදයක හඬපට අපවෙත ලැබී තිබෙනවා. එම හඬපට වලට අනුව තිලංග සුමතිපාල පාර්ශවයේ සභාපති අපේක්ෂත්වය බලාපොරොත්තුවෙන් සිටි මොහාන්ද සිල්වා මහතා දකුණු පළත් ක්‍රිකට් සංගමයේ සුනිල් මොහොට්ටි මහතා සමඟ මෙම සංවාදයේ නිරතවනවා. එහිදී මොහාන් සිල්වා මහතා තම කණ්ඩායමේ සාමාජිකයින් දැඩි ලෙස විවේචනය කරමින් තමාට පමණක් ඡන්දය ලබාදෙන ලෙසත් අනෙක් සමාජිකයින්ට ඡන්දය ලබා නොදෙන ලෙසත් පවසා සිටිනවා.

තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ සටනට පිවිසි මොහාන් සිල්වා මහතා මෙහිදී සිය සාමාජිකයින් විවේචනය කරන්නේ තම ප්‍රතිවාදී පාර්ශවයෙන් නිලවරණයට ඉදිරිපත්වූ නිශාන්ත රණතුංග මහතාට ඡන්දය ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් වීමද කැපී පෙනෙනවා.

මෙහි සියළු හඬපට පහතින් ඔබට ඇසිය හැකියි. තවද මෙවැනි සාකච්ඡා හඬපට කිහිපයක් අප සතු වන අතර ඉදිරියේදී අප ඒවා හෙළි කිරීමට සූදානම්….

Comments