
කිලර් වේල් ජල කි‍්‍රඩා සමාජයේ පුහුණුවීම් සිදුකරන කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිහිනුම් තටාකයේදී ක්ලෝරීන් මිශ්‍රිත වායු ආග්‍රහණය වීම හේතුවෙන් කී‍්‍රඩිකාවන් පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවුණා.
මේ අනතුර සිදුව තිබෙන්නේ පසුගිය 12 වැනිදා පිහිනුම් තටාකයට එක් කිරීමට සූදානම් කර තිබූ ක්ලෝරීන් වාතයට මුසුවීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කෙරුණු කුඩා කී‍්‍රඩිකාවන් අතරින් දෙදෙනෙකු පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ ඒ අතරින් 06 හැවිරිදි කුඩා දැරියක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
Comments