කදිරගාමර් ඝාතනයට හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේ දී අත්අඩංගුවට

3

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ කටයුකු අමාත්‍යවරයෙක් වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙක් ජර්මනියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ නිරිතදිග ජර්මනියේ දී 39 හැවිරිදි සැකකරුව මෙලෙස අද(17) අත්අඩංගුවට ගත් බවයි. එසේම ඔහුගේ නිවස ඊයේ දිනයේ දී පරික්‍ෂාවකට ලක් කර ඇතැයි ද ෆෙඩරල් නීතීඥවරු සදහන් කර තිබේ.

ජර්මානු බලධාරීන් විශ්වාසය පළ කර ඇත්තේ ඇතැම් විට මෙම සැකකරු කිසියම් විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් ද විය හැකි බවටය. කෙසේ නමුත් සැකකරු කෙතරම් කාලයක සිට ජර්මනියේ වාසය කරන්නේ ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක හෙළිව නොමැත.

2005 වසරේ අගෝස්තු 12වනදා එවකට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාව ඝාතනයට ලක්විය.

Comments