කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස අවිශ්ක යයි

3

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ. ඒ අනුව ඔහු හෙට (1 වැනිදා* ආරම්භවන ශී‍්‍ර ලංකා ඔස්ටේ‍්‍රලියා දෙවැනි ටෙස්ට් තරගයේ සිට ශී‍්‍ර ලංකා පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබයි. 

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වූ අවිශ්ක ගුණවර්ධන හදිසියේම ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්කර යවනු ලැබුවේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක් නිසාවෙන් තනතුරෙන් ඉවත්ව යෑම හේතුවෙනි. 

අවිශ්ක ගුණවර්ධන ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස 2014 දී පත් වූ අතර එතැන් සිට ‘ඒ’ කණ්ඩායම දිගින් දිගටම තරග ජයග‍්‍රහණ කිරීමට සමත්විය. 42 හැවිරිදි අවිශ්ක ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින තරග 61 කට කී‍්‍රඩාකර තිබේ.

Comments