ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එරෙහිව නොනවතින ප්‍රහාරයක

3

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 5 ක් දැවී ලකුණු 475 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භවුනා කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට අභියෝගකල විශ්ව ප්‍රනාන්දු මුළු ලකුනු සංඛ්‍යාව 15ක් වෙද්දී මාක්ස් හැරිස් සහ උස්මාන් කවාජා පිටියෙන් ඉවත් කළා.

අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න සිය මංගල පන්දුවාරයේදීම මාර්නස් ලබුස්චෙන් පිටියෙන් ඉවත්කලේ තරගයේ පාලනය සම්පුර්ණයෙන්ම සිය කණ්ඩායමට නතුකර දෙමින්.

ඒ වනවිට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3කට ලකුණු 28ක් ලෙසයි.

නමුත් සුපුරුදු පරිදි මෙම රිද්මය දිගටම රදවා නොගැනීමේ වරදට වන්දි ගෙවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් සිදුවුනේ සිය පන්දු රකින්නන්ගේද දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන්.

සිව්වන කඩුල්ලට පිටියේ එක්වුණු ජෝ බර්න්ස් සහ ට්‍රැවිස් හේඩ් ලකුණු 308ක දැවැන්ත සබදතාවක් ගොඩ නගමින් සිය ඉනිම ගොඩ නැගුවා.

බර්න්ස් ලකුණු 34ක් ලබා සිටියදී ලබාදුන් මෙම පහසු උඩපන්දුව ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගියේ ඊයේ දිනය නිමාවනතෙක් ඔහුට පිටියේ රැදී සිටීමට අවස්තාව උදා කරදෙමින්.

බර්න්ස් සිය සිව්වන ටෙස්ට් ශතකය ලබාගත් අතර දිනය නිමාවනවිට ඔහු නොදැවී ලකුණු 172ක් ලබා සිටියා.

සිය මංගල ටෙස්ට් ශතකය ලකුණු 161ක් දක්වා ඉහලට ඔසවා තබන්නට ට්‍රැවිස් හේඩ් සමත් වුනා.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි කර්ට්ස් පැටර්සන් දවා ගන්නට තිබු මේ පහසු අවස්ථාවත් ලහිරු තිරිමාන්න අතින් ගිලිහි ගියා.

එහි අවසන් ප්‍රතිපලය වුනේ පළමු දිනයට තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4කට ලකුණු 384ක් ලබාගෙන ඉතා ප්‍රබල තත්වයක පසුවීමයි.

Comments