ඒකාබද්ධයෙන් රතු එළියක්

6

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට නොගතහොත් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරගෙන යාමට ඉඩ ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කළා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ.

මේ අතර, කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත කියා සිටියේ අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන දේශපාලනඥයින් සම්බන්ධයෙන් ජනතාවට කරුණු හෙළි කළ යුතු බවයි.

Comments