එන්න අපි 2019 ලෝක කුසලානය දිනමු

35

මේ දිනවල සමජජාල මාධ්‍යයන් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් සම්බන්ධයෙන් කතාබහක් ඇතිව තිබෙනවා. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතාවයන් අතරට පැමිණි මොහොතක සමාජජලා තුළින් මෙවැනි ප්‍රවෘත්ති මතුවීමත් සමඟින් සිදුවන්නේ වැටී තිබූ අපගේ ක්‍රිකට් නැවත ගොනගැනීම නොව තවත් අගාදයකට යාම පමණයි.

මේ මොහොතේදී අප සිදුකළ යුතු වන්නේ මේ රටේ මුළු මහත් ජනතාවම ජාති, ආගම්, කුල බේදයකින් තොරව ආදරය කරන්නා වූ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමයි. මෙවැනි ප්‍රචාර හා ප්‍රවෘත්තීන් තුල ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දැමීම වෙනුවට ඔවුන්ගේ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වීම අප සියළුදෙනාගේම වගකීම වියයුතු බව අපගේ හැඟීමයි.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයෙක් මේ රටේ ජනතාවගේ ආදරය හා ගෞරවයට පාත්‍රවනු විනා එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම සමාජයක් ලෙස අපගේ යුතුකම හෝ වගකීම නොවන බව මෙහිලා සඳහන් කළ යුතුමය. සමාජජාල මුහුණුපොත ඇත්තේ මිතුරන් ලෙස අප එකිනෙකා දැන හදුනා ඇසුරු කිරීම හා හොඳ හිත වර්ධනය කරගැනීමට එකිනෙකා වෙනුවෙන් උදව් කිරීම යහපත් දේ ගොඩනගා ගැනීමට මිස පටු පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට නොවේ.

නමුත් වර්ථමානයේ බොහෝ ෆේස්බුක් පිටු පෞද්ගලික පටු අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන ඇතැම් ක්‍රියා හේතුවෙන් සිදුවන්නේ මහත් විනාශයන්ය. පසුගිය කාලයේ ට්විටර් ගිණුම් හරහා විවිධ ක්‍රීඩකයින් හට චෝදනා එල්ල කිරීමේ සංස්කෘතියක් බිහිවූවා අපට අමතක නැත. එහිදී අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාටද එම සංස්කෘතිය හරහා යම් ප්‍රවෘත්තීන් පළ කොට තිබෙනු අප දුටුවෙමු. මෙවැනි සංස්කෘතීන් නොඑසේනම් Trend අප අරෝපණය කරගන්නා ක්‍රමවේදයන් අනුව විවිධාකාර ප්‍රතිඵලයන් වෙත ගෙනයාම සිදුවෙයි. එබැවින් වර්තමානයේද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපලක් අරඹයා සමාජ ජාල ගෙනයන වැරදි ප්‍රවෘත්තීන් හරහා සිදුවන්නේ මෙම තත්වය උත්සන්න කිරීමකි.

සමාජජාලාවක් තුල දියුණු සමාජ ක්‍රමයන්හි භාවිතා වන ”Slang Words” (යම් දිගු තේරුම් වෙනුවෙන් යොදන LOL / OMG / GOAT / Bae / Bruh / FOMO වැනි කෙටි වචන ) යොදා ගනිමින් පළකළ අදහසක් වැරදි ලෙස තේරුම් ගැනීම හේතුවෙන් මේ දිනවල සමාජජාල තුල උණුසුම් කතාබහක් ඇතිව තිබෙනවා. නමුත් කිසිසේත්ම අනෙකෙකුට සමච්චල් හෝ අපහාස කිරීමකින් තොරව පළ කළ අදහසක් වැරදි ලෙස තේරුම් ගනිමින් සමාජජාල තුල පළවූ අදහස් හරහා මෙවැනි තත්වයක් ඇතිවූවා මිස කිසිසේත් කිසිවෙකු අපහසතාවයකට පත්කිරීමේ අදහසකින් තොරව පළකළ අදහසක් සමාජයද තලුමරන්නේ අප දියුණු සමාජ ක්‍රමය තුළ වල්වැදී ඇති බව හා නොදැනුවත්බාවය පිළිඹිබු කරමින්ය. මේ වැරදි තේරුම් ගැනීම දැන්වත් නවතා දැමිය යුතුය.

එබැවින් මේ මොහොතේදී අපගේ අරමුණු බවට පත්විය යුත්තේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ දැමීම විනා නිර්මාණය කරන ලද අසත්‍ය දෑ පතුරවමින් අප ආදරය කරන අපේම ක්‍රීඩකයින් මෙලෙස අපහසුතාවයට පත්කිරීම නොවේ. 2019 ලෝක කුසලානය වෙනුවෙන් අපට ඉතිරිව ඇත්තේ තවත් තරඟාවලි 3ක් පමණි. එබැවින් මෙලෙස සමාජජාල හරහා ක්‍රියාත්මක වන අසත්‍ය ප්‍රචාරයන් කෙරෙහි බුද්ධිමත්ව ක්‍රියා කිරීම අප සැමගේම වගකීම වියයුතුයැයි අපගේ විශ්වාසයයි.

බොරදියේ මාළු බාන ඇතැම් පිරිස් මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරමින් අප ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කරමින් ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම උදෙසා එකාමෙන් එක්ව කටයුතු කළ යුතු කාළය එලැඹ ඇති බව අපගේ අදහසයි. ජාත්‍යන්තරය මුරලිගේ ක්‍රිකට් දිවිය අවසන් කිරීමට ගත් උත්සාහයේ සිට වර්තමානයේ මෙරට ලොව දූෂිතම ක්‍රිකට් රට බවට වන චෝදනාව දක්වාම අපේ පුංචි රට ලෝකයට සැබෑම අභියෝගයක් වූ බව අප හැඟීමෙන් නොව බුද්ධියෙන් වටහා ගත යුතු කාලය එළෑඹ ඇත. ලසිත් මාලිංග මෙන්ම තිසර පෙරේරාද අපේය. මේ පුංචි ශ්‍රී ලංකාවේය. අප මහත් ආඩම්බරයෙන් කතා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ වීරයන්ය. එබැවින් මේ මොහොතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වින කටින්නට සූදානම් වන සියළු කුමන්ත්‍රණකාරී අභියෝගයන් හමුවේ අප මහත් සේ පරිස්සම් විය යුතුය.

සමාජජාලා යනු පියන කැඩූ සිසිල්බීම බෝතලයක් වැනිය. ඊළඟ සිදුවීමට අවධානය යොමු වන තෙක් ඒ මොහොතේ කතාබහට ලක්වෙන දෑ තලු මැරීමට පෙළඹවීම් සිදුවන අවස්ථා බොහෝය. එබැවින් මේ මොහොතේ අප බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. තාක්ෂණය ඔබේ ඇඟිලි තුඩුවල දුරක පසු වූවද එය නිවැරදිව හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබට අපට මෙන්ම මුළු මහත් සමාජයටම වගකීමක් හා යුතුකමක් ඇත්තේය.

දැන් අප සිදුකළ යුතු වන්නේ එකිනෙකාට එරෙහි ඇඟිල්ල දික් කරගන්නා මේ සමාජ ක්‍රමය තුළ ගොත්‍රික මානසිකත්වයෙන් මිදී සැබෑ ජනහිතකාමී මිනිසුන් ලෙස මේ මුළු මහත් සමාජයම යහපත් සිතුවිලිවලින් ආලෝකමත් කිරීමයි. එසේනම් අද ඔබ තලුමරණ මේ අත්දැකීම හෙට ඔබටද එසේ වීම වැළැක්විය නොහැක. දැනුවත්ව නිවැරදිව මේ සමාජජාල පරිහරණය කිරීම හා ඒ තුල බිහිවන විවිධ සංස්කෘතීන් වැළඳ ගැනීමෙන් ප්‍රවේශම් වියයුතුය යන්න පිළිබඳව ඔබට මතක් කරදෙනු කැමැත්තෙමු. ලෝක කුසලාන දෙකක් දිනූ අපේ ජාතික ක්‍රිකට් වීරයන්ට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන බලවේගයන් හමුවේ නැගී සිටිය යුතුමය.

එන්න අපි ආදරය කරමු, අපේම ක්‍රිකට් ක්‍රීඩකයින්ට One Team One Nation පෙළ ගැසෙමු, ජයගනිමු 2019 ලෝක කුසලානය

Comments