එජාපයෙන් ශ්‍රීලනිපයට මන්ත්‍රීවරු 3ක්

1

මැදිරිගිරිය ප්‍රදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රිවරයෙක් සහ හිටපු මංත්‍රිවරු දෙදෙනෙක් ඇතුඵ ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂිකයන් 100 දෙනෙකු අද (18) දින එක්සත් ජාතික පක්ෂයට එක් වුනා.

මෙම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රිවරු සහ පිරිස උතුරු මැද පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරු දිස්ත්‍රික් 

දේශපාලන සංවිධායක එම් එම් ඩොනල් මහතා හමු වෙමින් මේ කාර්‍ය සිදු කළා.

2011 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රිවරයෙකු මේ දක්වා මැදිරිගිරිය ප්‍රදේශිය සභාවේ සිටින උපාලි ගජනායක සහ එම පක්ෂයේ හිටපු මංත්‍රිවරු වන තිලක් සෙනෙවිරත්න, ගාමිණි සරත්චන්දු යන අය ජනාධිපති ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තුමා සහ ඇතුළු පිරිස් මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුව හොද නෑ යැයි පවසමින් ඒ පිරිස ඒ අයට සහයෝගය දෙන්න ගිය බවත් ගම් මට්ටමේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් තුට්ටුවකටවත් මායිම් නොකර කරන වැඩ පිළිවෙල හෙලා දකිමින් මින් ඉදිරියට සහ ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන බව මෙම පිරිස පවසනවා

Comments