ඊයෙ පැවති ජවිපේ රැලියට ගම්මන්පිලගෙන් උපහාසාත්මක වාග් ප්‍රහාරයක්.

0

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඊයේ කොළඹ – ගාලූමුවදොරපිටියේ සංවිධානය කර තිබූ ජන රැළිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට විවිධ අදහස් පළ වනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිළ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ගාලූමුවදොරපිටියේ සංවිධානය කළ ජන රැළියට පෙර පාසල් දරුවාගේ සිට පාසල් යන දරුවා දක්වා පැමිණ සිටි බවයි. 

එබැවින් අන්තර් පාසල් ශිෂ්‍ය සංගමය සහ පෙර පාසල් ශිෂ්‍ය සංගමය විසුරුවා හරින ලෙසයි උපහාසාත්මක අන්දමින් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේ.  

Comments