ඉහළින්ම වැජඹුණු හිරු FM සහ හිරු TV බස්නාහිරින් බැස යන ලකුණු!!!

523

ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු FM සහ හිරු TV වර්තමානය වන විට සීඝ්‍රයෙන් පහතට ඇද වැටෙමින් පවතින බවට කරුණු හෙළිවෙමින් පවතී.

1998 වසරේදී ඇරඹුණු හිරු FM කෙටි කලකින් ලංකාවේ අංක 1 බවට පත්වූයේ එහි හිමිකරුවන රෙනෝ සිල්වා මහතාගේ සහ සේවකයින්ගේ අතිමහත් වූ කැපවීම මත කවුරුත් දන්නා කරුණක්.

ඒ අතරම 2012 වර්ෂයේ ඇරඹුණු හිරු TV, කෙටිකලකින් අනෙකුත් පැරණි TV නාළිකා අභිබවා ප්‍රේක්ෂකයාට ලංවූයේ එහි ඉදිරිපත් කෙරුණු ආකර්ෂණීය වැඩසටහන් හා මනා කළමනාකරීත්වයක් යටතේ සිටි සියළුම සේවකයින්ගේ කැපවීම මතයි.

හිරු TV සහ හිරු FM ජනතාව අතර ඉහළින්ම වැජඹුණු බවට ඇති හොදම සාක්ෂ්‍ය නම් SLIM-Nielsen Peoples Awards හීදි පසුගිය වසර කිහිපය මුළුල්ලේම මාධ්‍ය ආයතනයකට ලැබිය යුතු සියළුම ප්‍රධාන සම්මාන හිරු TV සහ හිරු FM විසින් අත්පත් කරගැනීමයි.

නමුත් මේ වසරේදී පැවතුණු එම සම්මාන උළෙලේ දී සියළුම සම්මාන හිරුගෙන් උදුරා ගැනීමට TV දෙරණ ආයතනය සමත් වූ බවට කවුරුත් දන්නා රහසක්. හොදම වැඩසටහන ලෙස හිරු FM අරා සහ පැස්බරා තේරී පත්වූවද එම සංකල්පයද නිර්මාණය කලේ මේ වන විට හිරුගෙන් වෙන්වී සියත සමගින් රේඩියෝ කලාවේ තම ආධිපත්‍ය පතුරුවන අරවින්ද ලොකුගේ මහතායි.

මෙවැනි වටිනා සේවකයින්ද අහිමි කරගෙන සිටින හිරු පසුගිය දිනක තම පැරණිම සේවිකාවක් අහිමි කරගන්නේ සමාජ ජාල තුල රෙදි ගලවා ගනිමිනි.

ඇය තම සේවයට තිත තැබූවේ මෙවන් අදහසක් තම රසිකයින්ට තබමිනි.
“කොච්චර මැරීගෙන වැඩ කරත් ඒවයේ වටිනාකම් නොදන්න එවුන් පිරිච්ච තැනකට තව කොච්චර කරත් කළකිරීම විතරයි ඉතුරු.. එහෙම තැනකට දිය කරන්න බෑ තවත් ජීවිතේ එක තත්පරයක්වත්…”

මෙසේ ප්‍රසිද්ධ නොකලද තම සේවය හිරුගෙන් අතහැර ගිය පිරිස බොහොමයකි.

මෙවැනි ආගාදයකට හිරු ඇද වැටීමට ප්‍රධානතම හේතුව කුමක් ද? ඒ වෙන අන්කිසිවක් නොව එහි සභාපති රෙනෝ සිල්වා මහතාගේ සහෝදරයෙකු වන වින්සන්ට් සිල්වායි. මීට පෙර එහි කළමනාකාරීත්වයේ සිටි ධම්මික මහතා ඉවත්ව ගිය පසු එම ආසනයට පැමිණෙන්නේ කිසිදු මානව සම්පත් කළමනාකරණය හෝ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැති වින්සන්ට් සිල්වායි.

තම සේවකයන් හට හරි හැටි කතා කිරීමට පවා නොදත් ඔහු එහි මුල් ආසනයකට පැමිණීමෙන් පසු ආයතනය පහතට ඇද වැටීමට පටන් ගැනීම විශ්මයට කරුණක් නොවේ. කිසිදු පළපුරුද්දක් නොමැති ඔහු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පුද්ගලයන්ට ලබාදෙන උපදෙස් නිසා ඔහු බොහොමයක් වේලාවන්හිදී සේවකයන් අතර හාස්‍යට පත්වෙන බවටද ආරංචි පැතිර යමින් පවතී.

තවද දිවා රෑ නොතකමින් වෙහෙස වී වැඩ කරන සේවකයින්ට වසර 4 ක් පමණ පුරාවට කිසිදු පඩි වැඩීවීමක් හෝ දීමනාවක් ලබා නොදී, රට වටේ ඇවිදිමින් හිරු නම් සල්ලි යැයි පවසමින් ලෝකයාට තම උජාරුව පෙන්වන හිරු ආයතනය කෙතරම් දුරට සාධාරණය කල හැකිද?

මේ කරුණු මත පදනම්ව බැසයමින් පවතින හිරු නැවත ලක් දෙරණේ ඉහලින්ම වැජඹවීමට නම් එහි කළමනාකාරීත්වය සහ සේවකයින්ගේ සුබ සිද්ධිය පිළිබඳව රෙනෝ සිල්වා මහතා තම අවධානය යොමු කල යුතුම බවයි අපට නම් හැගීයන්නේ!

Comments