ඉදිරි මහා මැතිවරණයේ සලකුණ ගැන ප්‍රසන්න හෙළි කරයි

3

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා මැතිවරණය අනිවාර්යෙන් ම තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් කියා සිටී.

ඉදිරි මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (11) ගම්පහ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

Comments