ආණ්ඩුවට එක්වෙනවා ද ? අවසන් තීරණය මෙන්න

10

එක්සත් ජාතික පක්ෂය විසින් තනන ආණ්ඩුවට එක් නොවීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ 21දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී තීරණය කර තිබේ.

ආණ්ඩුවට එක් නොවී විපක්ෂය ශක්තිමත් කිරීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මහතා දිනමිණට පැවැසීය.

විපක්ෂයේ සිටීමට තමන් ගත් තීන්දුවත් සමඟ ආණ්ඩුවට සිටින්නේ මන්ත්‍රීවරුන් 101 දෙනෙක් බව පෙන්වා දුන් මුතුහෙට්ටිගම මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 103 දෙනකු සිටින බවත් පැවැසීය.

සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වෙතැයි පැතිර යන ප්‍රචාර ප්‍රතික්ෂේප කළ මුතුහෙට්ටිගම මහතා මන්ත්‍රීවරුන් 21 දෙනාම සිටින්නේ එකම මතයක බවත් අවධාරණය කළේය.

Comments