අළු බඳුනේ සිව්වන තරගයේ අවසන් දිනය අද

1

අළු බඳුන කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 18ක් ලබා සිටියේය.

සිය ප්‍රථම ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වුණි.

ලකුණු 196ක වාසියක් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව යළිත් එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ලකුණු 382ක ඉලක්කයක් හඹායන එංගලන්ත කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 365ක් ලබාගත යුතු අතර ඒ සදහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 8ක් පමණයි

Comments