අරලියගහ මන්දිරයේ දී එස්.ටී.එෆ් සෙබලෙකු සියදිවි හානිකරගනී

11

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම සෙබළා අද පෙරවරුවේ ආරක්ෂක රාජකාරි කටයුතුවල නිරතව සිටි අවස්ථාවේදී මෙලෙස සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

31 හැවිරිදි මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සෙබලා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Comments