අයි.පී.එල් තරගාවලිය අලුත්ම වෙනස මෙන්න

4

මීළග ඉන්දීය පී‍්‍රමීයලීග් කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරික්ෂා කිරීම සඳහා වෙනම විනිසුරුවරයෙකු යෙදවීම පිළිබඳ අදාළ තරග සංවිධායකයින්ගේ අවධානය යොමුවී තිබේ. ඉන්දීය හිටපු පිතිකරුවකු වන බි‍්‍රජේෂ් පටේල්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැති අයි.පී.එල්. පාලක රැස්වීමකදී මෙම යෝජනාව පිළිබඳ අවධානය යොමු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 සාමාන්‍යයෙන් දැනට කි‍්‍රයාත්මක වන ආකාරයට තරගයකදී පිටියේ විනිසුරු දෙපළට අමතරව තෙවන සහ අතිරේක වශයෙන් තවත් විනිසුරුවන් දෙදෙනකු කටයුතු සිදු කරනු ලබේ. එ් අනුව මෙම නිපන්දු පරීක්ෂා කිරීම වෙනුවෙන් පිටියට එක්වන විනිසුරුවරයා තෙවැනි හෝ අතිරේක විනිසුරුවරයාද එසේත් නැතිනම් නව විනිසුරුවරයෙක්ද යන්න තවමත් තීරණය කර නැත. කෙසේ වෙතත් මෙම නව රීතියේ අවශ්‍යතාව නිමාවට පත් වූ  පසුගිය අයි.පී.එල් තරගාවලියේදී එල්ල වූ නිපන්දු සඳහා ලබා දුන් වැරදි විනිසුරු තීරණ හේතුවෙන් උද්ගතවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 පසුගිය වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් එල්ල වූ නිපන්දු සහ නිපන්දු නොවන පන්දු පිළිබඳ විනිසුරුවන් ලබා දුන් ඇතැම් තීරණ පිළිබඳ විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා සිය අසතුට ප‍්‍රකාශ කර තිබේ. ‘ඊළ`ග අයි.පී.එල්. තරගාවලියේදී සාමාන්‍ය විනිසුරුවන්ට අමතරව නිපන්දු පරීක්ෂා කිරීම වෙනුවෙන් තවත් විනිසුරුවරයක් අවශ්‍යයි. මේ සංකල්පය අමුතුයි. නමුත් අපට තාක්ෂණය භාවිත කිරීම අවශ්‍යයි. නිපන්දු පිළිබඳ පමණක් අවධානය යොමුකරන විනිසුරුවකුගේ අවශ්‍යතාවක් අපිට තියෙනවා’ යැයි අදාළ සාකච්ඡුාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබේ.

Comments