අභිමානවත් කාන්තාවක් ලෙස නැගී සිටින්න

526

“මම ඉතින් මැරිලා ,මැරිලා හම්බ කලාට වැඩක් නැහැනේ. මාසේ භාගයක් යද්දී පඩිය ඉවරයි.”
“ආයෙත් කිරි පිටි? ගිය සතියේ නේද කිරි පිටි පැකට් එකක් ගෙනාවේ?”
“අයියෝ ඔයාට පරිස්සමින් කරන්ට් එක පාවිච්චි කරන්න බැරිද? ලයිට් බිල ගෙවන්න ගියාම වෙන දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ.”
දිලිනිට මේ වගේ කතා අහලා ඇති වෙලයි තිබුනේ. කොයි වෙලෙත් සමන්ත සල්ලි නැහැ නැහැ කියන නිසා දිලිනිට අලුතින් ඇඳුමක් අරගෙන අඳින්නවත්, තමන්ගේ තාත්තගේ උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්නවත් පුළුවන් කමක් තිබුනේ නැහැ. මේ කාලේදී තමයි ඇයට ආරංචි වුනේ තමන්ගේ නගරයේ අලුතින් ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්තශාලාව ගැන. ඇය ඉක්මනින්ම එහි සේවයට බැඳුනා.

ඊට පස්සේ දිලිනිට ජිවිතයේ කිසිම අමාරුකමක් දැනුනේ නැහැ. කැමති දෙයක් කාලා, කැමති ඇඳුමක් ඇඳලා ජිවත් වෙන්න ඇයට අවස්තාව හිමි වුනා. තමන්ගේ අම්මා වෙනුවෙන් නොමසුරුව දානයක් දෙන්න, තාත්තගේ ලෙඩට දුකට වියදම් කරන්න තව දුරටත් ඇයට බැරි වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි, සමන්තගේ හදිසි ඕනේ එපාකම් වලටත් වියදම් කරන්න පුළුවන් මට්ටමේ වැටුපක් ඇයට ලැබුනා. කර්මාන්තශාලාවෙන්ම ආහාර, ගමන් වියදම් දීපු නිසා ඇයට පුළුවන් වුනා ඇයට ලැබුණු වැටුපෙන් භාගයක්ම ඉතිරි කරන්න.

ඔබේ කතාවත් මේ වගේද? අද කාලේ ජිවන බර බොහොම වැඩියි. පවුලක එක්කෙනෙක් විතරක් හම්බ කරන එක අතීතයට ගැලපුනාට වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එක්කෙනක් මුදල් උපයලා පවුලේ කීප දෙනෙක් අතර ඒ ආදායම බෙදිලා ගියාම මුළු පවුලටම ජිවත් වෙන්න සිදු වෙන්නේ අමාරුකම් මැද්දේ. යැපෙන්නන් වැඩි වෙනකොට පවුලකටවත්, රටකටවත් සංවර්ධනය වෙන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. යැපෙන්නන් විය යුත්තේ මහලු පුද්ගලයන්, කුඩා දරුවන් සහ රෝගී පුද්ගලයන් පමණයි. කාන්තාව කියන්නේ සැඟවුණු ශක්ති උල්පතක්. කාන්තාවක් කවදාවත් යැපෙන්නේකුගේ තත්වයට පත් විය යුතු නැහැ.

ඒ වගේම රැකියා විරහිතව ඉද්දි, ඔබට රටෙන් ලැබෙන දේවල් වෙනුවෙන් ඔබෙන් ආපිට යමක් ලැබෙන්නේ නැහැ. ඔබ තරුණ වියට එනතුරු ඔබට නොමිලේ අධ්‍යාපනය, පෙළපොත් සහ නිල ඇඳුම් ලබා දෙන්න රටේ ජනතාවගේ බදු මුදල් වැය වුනා. ඒ නිසා රට වෙනුවෙන් උපයන්න ඔබට වගකීමක් තියෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන සලකා බැලූ විට ඇඟලුම් අපනයන ඉන් 45%ක ප්‍රමාණයක් ගන්නවා.
ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ක්ෂේත්‍ර සලකා බැලූ විට ඇඟලුම් ක්ෂේත්‍රයට ලැබෙන්නේ දෙවන ස්ථානයයි. ඉතින් ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ මේ රටේ සංවර්ධනයට ඉහල මට්ටමකින් දායක වෙන ක්ෂේත්‍රයක්. මේ වගේ ක්ෂේත්‍රයක රැකියාවක් කරනවා කියන්නේ ඔබ ඔබේ රටටත්, පවුලටත් මිනි පහනක් වෙලා ආලෝකය දීමක්. රටට ඉහල ආදායමක් ලබා දෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම, හැමදාමත් සංවර්ධිත රටක් ලෙස නම් වෙන අපේ රට සංවර්ධනය වූ රටක් බවට පත් කිරීමේ කාර්යයට ඔබ උර දුන්නා වැනියි.

ඒ වගේම ඔබට ඔබේ පවුල තුල හිස කෙලින් තියාගෙන ඉන්න ලැබෙන හොඳ අවස්තාවක්. ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකින් ඔබට හොඳ වැටුපක් සහ වෙනත් පහසුකම් රාශියක් ලැබෙනවා. ආහාර වලට යන වියදම් සහ ගමන් වියදම ආයතනය විසින් දරන නිසා ඔබට ඔබේ වැටුප සම්පුර්ණයෙන්ම ඔබේ භාවිතය වෙනුවෙන් වැය කරන්න පුළුවන්. පවුලේ වියදම් වලට උර දීමට ලැබීමෙන් පවුල තුල හොඳ තැනක් ලබා ගන්න පුළුවන්. ඔබේ අසල්වාසීන්ගේ ගැටළු වලට උපකාර කිරීම, පොදු සමාජ කටයුතු වෙනුවෙන් වියදම් කිරීම වැනි දේවලින් ඔබට ඔබේ ප්‍රදේශය තුලත් හොඳ ස්ථානයක් හිමි කර ගන්න පුළුවන්.

Comments