අනෙක් සිසුවියන්ගේ ලිංගික පීඩනය දරාගන්න බැරිව සිසුවියක් දිවි නසා ගනියි

1119

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සහතික ලත් පාසලක 15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඊයේ (20 දා) පෙරවරුවේ එහි පාලනාධිකාරය විසින් සොයාගෙන ඇත. 

 මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හබරණ, සුරියගම පදිංචි දැරියකි.

 අධිකරණ නියෝගයක් මත මියගිය දැරිය මෙම පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇත.

 සහෝදර සිසුවියක් මියගිය දැරියගේ මළසිරුර ප‍්‍රථමයෙන් දැක එහි විදුහල්පතිනිය දැනුවත් කර තිබේ.

 පාලනාධිකාරිය විසින් දඹුල්ල මුලික රෝහලට දැරිය ඇතුළත් කිරීමට ඊයේ පෙරවරු 10,00 ට පමණ රැගෙන එන විටත් ඇය මියගොස් සිට ඇත.

 පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ ලිංගික පීඩනයන් දරාගත නොහැකිව ඇය දිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාරවරණය වී ඇත.

 කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරයි. 

Comments