අනුලා විදුහලේ දහම් පාසල යළිත් සිරිධම්මාරාම මහාවිහාරයේ ශ‍්‍රී සුචරිතවර්ධන දහම් පාසලට පවරයි

31

නුගේගොඩ අනුලා විදුහලේ පවත්වාගෙන ගිය ශ‍්‍රී සිද්ධාර්ථ දහම් පාසල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් තීරණය නිවැරැදියි. මේකෙන් කිසිදු පාර්ශ්වයකට අගතියක් වෙන්නේ නැතැයි එම විදුහලේ ක‍්‍රියාකාරී සාමාජික දයා දමයන්ත මහතා පැවැසීය.

 නුගේගොඩ අනුලා විදුහලේ ඉරිදා පවත්වාගෙන යන දහම් පාසල සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය 29 දා කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීය.

 මෙහිදී තවදුරටත් කතා කළ දයා දමයන්ත මහතා මෙසේද කීය.

 1993 වර්ෂයේ නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයේ තිබෙන දහම් පාසලෙන් ආචාර්යවරුන් පිරිසක් දරුවන් පිරිසක් සමග පැමිණ අනුලා විiාලයේ ප‍්‍රාථමික අංශය තුළ මේ සිද්ධාර්ථ දහම් පාසල ආරම්භ කරලා තිබෙනවා. ඒ අවස්ථාවේ අනුලා විiාලය ඔවුන්ට ඉඩ ලබා දී තිබෙන්නේ වෙන ස්ථානයක් සොයා ගන්නා තුරු විiාල භූමියේ දහම් පාසල පවත්වාගෙන යන්න, ඔවුන් දිගටම මෙම දහම් පාසල විiාල භූමියේ පවත්වමින් 2003 දී ලියාපදිංචි වෙලා, දිගටම පවත්වාගෙන ආවා.

 විවිධ අවස්ථාවලදී පාසල හා දහම් පාසල අතර ගැටලූ ඇතිවුණා. විදුහල්පතිවරුන්ගේ සංවේදීභාවය නිසා ඒවා නිරාකරණය කර ගනිමින් ගැටලූකාරී තත්ත්වයන් මැදයි දහම් පාසල පැවැත්වූවේ. මොවුන් පාසලේ ප‍්‍රාථමික අංශය තුළ දහම් පාසල පැවැත්වුවත් පාසලේ තිබෙන දේවල්වලට වග කියන්නේ පාසල් පරිපාලනයයි. ඇතැම් අවස්ථාවලදී පාසලේ බඩු බාහිරාදිය නැතිවෙලා ගුරුවරුන් අතින් සල්ලි ගෙව්වා. මොවුන් මෙම දහම් පාසල, පාසලට පවරන්නත් කැමති නැහැ. මෙහි ආචාර්යවරුන් කීපදෙනෙක් පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් තමයි මේක පවත්වන්නේ.

 ‘‘අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැටලූවට නිවැරැදි විසඳුමක් ලබාදීලා තියෙනවා. ඒ තමයි මේ දහම් පාසල නුගේගොඩ සිරිධම්මාරාම මහාවිහාරයේ ශ‍්‍රී සුචරිතවර්ධන දහම් පාසලට පැවරීම. පාසල තුළ මේ දහම් පාසල පවත්වන්න කලින් ඔවුන් සිටියෙත් ශ‍්‍රී සුචරිතවර්ධන දහම් පාසලේ. ඒ දහම් පාසලෙන් කඩාගෙන ආපු පිරිසක් තමයි අපේ විiාල භූමියේ දහම් පාසල පවත්වන්නේ. දරුවන් සහ ආචාර්යවරු භාරගන්න සුචරිතවර්ධන දහම් පාසල කැමතියි. මේ විහාරස්ථානය තුළ දහම් පාසලකට උචිත පරිසරයක් තියෙනවා.

Comments