අනවසරයෙන් මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් 21ක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

4

වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයින් 21 දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(03) උදෑසන වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සතුව මෙරට රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති අතර ඇතැමුන් මෙරට විවිධ රැකියා සිදුකර ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 25 ත් 40 ත් යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Comments